Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හැම රටක්ම එන්නත් ගන්න වෙහෙසෙද්දි අපේ ආණ්ඩුව පන්දාක් දීලා අත පිහදා ගන්නවා – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරම අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් සිදුකළ ඇතැම් යෝජනා සම්බන්ධයෙන් තමන්ට විශාල අපවාද එල්ල වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන් නොනැවතී තමාගේ චරිතය ඝාතනය කිරීමට පවා ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් උත්සාහ දැරූ බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

තමන් එදා පැවසූ සියල්ල අද වනවිට සත්‍ය වී ඇති බවත්, කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුව අසාර්ථක වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

බොහෝ රටවල් මේ වනවිට එන්නත් ලක්ෂ ගණනින් ඇණවුම් කර ඇති බවත් ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල් ඔවුන්ගේ ජනතාව ලබාදීම ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අපේ ආණ්ඩුව රුපියල් පන්දහසේ දීමනාව දෙවරක් ලබා දී අත පිසදා ගන්නා බවයි.

‘ගමින් ගමට- දොරින් දොරට රට වටා’ සමඟි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව ආරම්භ කරමින් දික්වැල්ලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Exit mobile version