Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව රටින් පිට කළ යහපාලන ප්‍රබලයා මෛත්‍රී හෙලි කරයි

අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව රටින් පිට කළ යහපාලන ප්‍රබලයා මෛත්‍රී හෙලි කරයි

අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව රටින් පිට කළ යහපාලන ප්‍රබලයා මෛත්‍රී හෙලි කරයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චොදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට පෙර දින රාත්‍රියේ පසුගිය ආණ්ඩුවෙ ප්‍රබලතම පුද්ගලයකු හිටපු මහ බැංකු අධිපතිවරයාව මෙරටින් රහසිගතව විදේශ ගත කිරීමට පියවර ගත් බව බුද්ධි අංශ පසුව අනාවරණය කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බීබීසී සිංහල සේවය සමඟ කළ සංවාදයකදී හෙලි කර ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා සිදු කළ සංවාදයක් යළි කොමිසම හමුවේ විකාශය කළ අවස්ථාවේධී මේ බව අනාවරණය විය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ, මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් BBC සිංහල සේවය විසින් ඉකුත් ජුලි මස 14 දින මෙම සම්මුඛ සාකච්ඡාව පටිගත කර තිබේ.

BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ සම්මුඛ සාකච්ඡාව කිසිදු අකාරයකින් එම සංවාදයේ අදහස් විකෘති වන සේ සංස්කරණය නොකළ බව පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර මහතා කියා සිටියේය.

මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව අර්ථය විකෘති වන සේ සංස්කරණයට ලක්කර ඇති බවය.

Exit mobile version