Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ ජනතාව නිවිති නොවේ – දකුණේ දේශපාලකයින්ව වෛද්‍ය පී. සත්‍යලිංගම් දැඩි ලෙස හෙළා දකියි

තමිළරසු පක්ෂයේ ලේකම් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා

තමිළරසු පක්ෂයේ ලේකම් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා

ද්‍රවිඩ ජනතාවට දිනකට තුන් වේලකට කෑම පමණක් ප්‍රමාණවත් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව තමිළරසු පක්ෂයේ ලේකම් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා පවසා සිටියේය.

තමිළරසු පක්ෂයේ ලේකම් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා

මේ සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වන්නේ,

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය නින්දිත හා වගකීම් විරහිත යැයි සැලකිය හැකිය. රටක ප්‍රධාන වගකීමක් භාරව සිටින අමාත්‍යවරයකු එවැනි අත්තනෝමතික ප්‍රකාශයක් කිරීමෙන් දෙමළ ජනතාව මෝඩයන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර තියෙනවා.

මෑතක සිට පාලක පක්ෂයේ ඇමතිවරු ජාතිවාදී හිතින් ජාතිවාදී ප්‍රකාශ කරමින් සිටිති.

දෙමළ ජනතාව කෝපයට පත් කරන එවැනි අදහස් දැක්වීම වහාම නතර කළ යුතුය. ද්‍රවිඩයන් ද මේ රටේ ජනතාව බව ඔවුන් වටහා ගත යුතුය.

යුද්ධය අවසන් වී වසර දහයකට පසුවද ද්‍රවිඩ ජනතාවගේ මූලික ගැටලු කිසිවක් විසඳී නොමැත. ඉඩම් නිදහස් කර නැත, දේශපාලන සිරකරුවන් නිදහස් කර නැත, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳී නැත. දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන ජනවාර්ගික ගැටලුවට සාධාරණ විසඳුමක් ද සොයාගෙන නොමැත.

මෙම තත්වය මෙලෙස තිබියදී, දකුණේ දේශපාලකයින් දෙමළ ජනතාවගේ අභිමතය හා අභිලාෂයන් බොඳ කරන අයුරින් මෙවැනි අදහස් දැක්වීම බෞද්ධ අධිපතිවාදී චින්තනයේ ප්‍රකාශනයක් ලෙස දැකිය හැකිය.

ඔවුන් එවැනි අදහස් දක්වන විට, දෙමළ ජනතාව නියෝජනය කරන රජයේ මිත්‍ර පාක්ෂිකයින් කතා නොකර සිටිති. මේ අය ගැනද ජනතාව දැනගත යුතු බව සඳහන් කර ඇත.

Exit mobile version