Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනුවර, දිගන භූ කම්පනවලට වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හුණුගල් කැඩීම හේතු වූවා ද?

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක්

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක්

වික්ටෝරියා ජලාශයට මැදිව ඇති අර්ධ දූපත්වල මහා පරිමාණයෙන් සිදුකෙරෙන හුණුගල් කැඩීමේ ව්‍යාපෘති තාවකාලිකව හෝ වහා නැවැත්විය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

දිගන ඇතුළුව වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවලින් විටින් විට වාර්තා වූ සුළු භූ කම්පනවලට ද මෙම හුණුගල් කැඩීම් හේතු වූවා යැයි සිතිය හැකි බැවින් එකී භූ කම්පන ගැන පර්යේෂණ ආරම්භ කිරීමට පෙර හුණුගල් කැඩීම නැවැත්විය යුතු යැයි ලංකාදීප කළ විමසීමක දී අදහස් දක්වමින් මහාචාර්ය සේනාරත්න මහතා කීය.

ජලාශයට මැදිවූ කඳුවල හුණුගල් කැඩීම යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් සිදුකරන බවත් මෙම ව්‍යාපාර මහා පරිමාණ මට්මටමින් සිදුවන බවත් කී සේනාරත්න මහතා මෙකී කැණීම් ජලාශයට හානි සිදුකරන බව ද පෙන්වා දුන්නේය.
වික්ටෝරියා ජලාශය ඉදිකර ඇත්තේ රික්ටර් මාපක 3.5 දක්වා වන භූ කම්පනයන්ට ඔරොත්තු දෙන පරිදි යැයි ද මෙතෙක් සිදුවූ සුළු කම්පන රික්ටර් මාපක 2 ට අඩු ඒවා බැවින් ජලාශයට හානියක් නැති බව සැබෑ නමුත් 3.5 ට වැඩි භූ කම්පනයක් සිදුනොවෙතැයි සහතිකයක් කිසි සේත්ම දිය නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ භූ කම්පන සම්බන්ධ පරික්ෂණ සිදුකරන කණ්ඩායම් එකී පරික්ෂණ සිදුකළ යුත්තේ මෙම මහා පරිමාණ හුණුගල් කැඩීමේ ව්‍යාපෘති නතර කිරීමෙන් පසුව යැයි ද ඔහු කියා සිටියේය.

Exit mobile version