Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත එන්නත් කල් යනවා… ආවත් ගහන්නත් අමාරුයි… වසංගත රෝග ප්‍රධානී

මිනුවන්ගොඩ: ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් - සුදත් සමරවීර

මිනුවන්ගොඩ: ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් - සුදත් සමරවීර

කොවිඩ් – 19 එන්නත ලංකාවට ලබාදෙන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇති බවත් අධිශීතකරණ තත්වය මත එම එන්නත තබා ගැනීම සම්බන්ධයෙන් මෙරටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවත් වසංගත රෝග අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා “මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නැහැ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් භාවිතා කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ.

අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේ රටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්…” යැයි වැඩිදුරටත් පවසයි.

Exit mobile version