Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ STF’ට බ්‍රිතාන්‍ය (KMS) කුලී හමුදාව යුධ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ (STF)ට බ්‍රිතාන්‍ය (KMS) කුලී හමුදාව යුධ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ (STF)ට බ්‍රිතාන්‍ය (KMS) කුලී හමුදාව යුධ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියෙන් පරීක්ෂණයක්

1980 දශකයේදී ශ්‍රී ලංකාවේ පොලිසියට අනුබද්ධ විශේෂ කාර්ය සාධක බලකායට (STF) මහා බ්‍රිතාන්‍යයේ කිනිමිණි (KMS) නම් පුද්ගලික ආරක්ෂක සමාගම විසින් යුධ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්හ කිරීමට බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියේ යුධ අපරාධ හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අංශය විසින් නොවැම්බර් 30 වනදා තීරණය කර ඇත.

මෙම පරික්ෂණයට හේතු පාදක වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මස මාධ්‍ය වේදියෙකු වන ෆිල් මිලර් විසින් ලබාගත් රජයට සම්බන්ධ ආරක්ෂක තොරතුරු මත පදනම්ව ලියා පලකරන ලද “Keenie Meenie: The British Mercenaries Who Got Away with War Crimes” නම් ග්‍රන්ථය හේතුවෙනි.

බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබා ගත් එම සංවේදී තොරතුරු මගින් ඔහු හෙළි කරනු ලබනුයේ ඉහත පුද්ගලික ආරක්ෂක සමගම (KMS) විසින් ලබාදුන් උපදෙස් හා හමුදා පුහුණුව ඔස්සේ 1980 දශකයේදී දකුණේ සිදුවූ සිවිල් යුද්යේදීත්, උතුරේත් විශාල වශයෙන් මානව අයිති වාසිකම් උල්ලංඝනය කිරීම්, තරුණ අතුරුදහන් කිරීම් හා යුධ අපරාධ සිදුකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය සාධක බලකායට සෘජුවම චෝදනා එල්ල වී ඇතිබවයි.

කෙසේ වෙතත් කිනිමිණි පුද්ගලික ආරක්ෂක සමාගමේ නිර්මාර්තෘවරයෙකු වන 78 හැවිරිදි ඩේවිඩ් වොල්කර් (02)BBC ඉංග්‍රීසි සේවයට පවසන්නේ එම යුධ අපරාධ චෝදනා තමන් තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි.

කුප්‍රකට කිනිමිණි ආරක්ෂක සමාගම පිහිටුවා ඇත්තේ 1975 දී හිටපු බ්‍රිතාන්‍ය විශේෂ බලකා(SAS) සාමාජිකයින් විසිනි. නිකරගුවාවේ සැන්දිනිස්ටා රජයට එරෙහිව කොන්ට්‍රා ත්‍රස්ත්‍රයන් පුහුණුකිරීමටත්, ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා වලට එරෙහිව ඇෆ්ගන් ගරිල්ලන් පුහුණුකිරීමටත් මෙම සමාගම මැදිහත් වී ඇත. 1990 දී මෙම පුද්ගලික සමාගම විසුරුවා ඇති අතර පසුව වොල්කර් විසින් නව ආරක්ෂක සේවයක් “SALADIN SECURITY” නමින් ආරම්හ කර ඇත.

තමන් කිනිමිණි ආරක්ෂක සමාගම සමග කිසිදු සම්බන්දයක් නොතිබූ බව පවසන ඩේවිඩ් වොල්කර් ඕනෑම පොලිස් පරීක්ෂණයකට තමන් සහය දෙනබව BBC ඉංග්‍රීසි සේවයට ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියේ මෙම පරීක්ෂණය සිදුකිරීමට ඔවුන් තෝරාගෙන ඇත්තේ කිනිමිණි සේවය විසින් 80 දශකයේදී(1980-1990) ශ්‍රී ලංකාවේ උතුරේ බෙදුමවාදී යුද්ධයේ සිදුකලැයි කියනු ලබන යුධ අපරාධ සම්බන්ධයෙන් පමණක් වීම තරමක් සැක කටයුතු වන අතර පරීක්‍ෂණයේ අපක්ෂපාති බව පිළිබඳවද යම් අවිශ්වාශයක් ඇති වේ.

Exit mobile version