Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා මළ සිරුරු ආදාහනය සදහා මිනීපෙට්ටි ඉල්ලීමට විරෝධය, මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

කොරෝනා මළ සිරුරු ආදාහනය සදහා මිනීපෙට්ටි ඉල්ලීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොරෝනා මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොරෝනා වැලඳුණු අයගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව නිසා එම මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී ඇත.

සිරුරු ආදාහනයට මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර ඇත.

මෙම මෘත ශරීර කොම්පඤ්ඤ වීදියෙන් දෙකක්, මරදාන, මාලිගාවත්ත හා කොටුව යන ප්‍රදේශ වලින් එක බැගින් වාර්තා වී ඇත.

මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කළ පසු මෘත ශරීර භාර ගැනීම පවුල්වල ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇත.

-Tamil news sources

Exit mobile version