Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත මර්ධන පනත යටතේ මඩකලපුවේ සිව් දෙනෙකු අත් අඩංගුවට!

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ සිව් දෙනෙකු මඩකලපුවේ දී අත් අඩංගුවට ගෙන ඇත.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය බ්‍රහස්පතින්දා (26) දින ඔහුගේ ඡායාරූපය මුහුණු පොතෙහි පළ කරමින් උපන් දින සුභ පැතුම් එක් කළ පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

මඩකලපුවේ සෙන්කලඩි ප්‍රදේශයෙහි පදිංචි රාජ්‍ය නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු ඉකුත් බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ අත් අඩංගුවට ගෙන දින 3ක් තිස්සේ පොලිස් සිර භාරයේ තබා සිටින බව ඒරාවූර් පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොටි නායක ප්‍රභාකරන්ගේ ජන්ම දිනයට සුභ පතා මුහුණු පොතෙහි පළ කිරීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත, සෙන්කලඩි, සිත්තාන්සි, මොරකටාංචෙනෙයි යන ප්‍රදේශවල පදිංචි සිව් දෙනෙකු මුලදී හඳුනා ගෙන ඔවුන්ව පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රියෙහි අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් සිව් දෙනා අතර දෙදෙනෙකු ස්වර්ණාභරණ වෙළඳසැල්වල සේවය කරන අය වෙති. අනෙක් පුද්ගලයා මෑතකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයෙකු වශයෙන් සේවයට ඇතුළත් වූ අයෙකි.

මෙයින් අත් අඩංගුවට පත් සිව් දෙනාගේ මුහුණු පොතෙහි පළ කළ සුභාශිංසන සටහනට සුභ පැතුම් එක් කළ 90 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති අතර එම පුද්ගලයින්ව ද අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Exit mobile version