Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතියෝපියාවේ යුධ කලාපයෙන් ලාංකිකයන් බේරා ගැනේ.. රැකියා සඳහා යවලා…

ඉතියෝපියාවේ යුධ කලාපයෙන් ලාංකිකයන් බේරා ගැනේ - රැකියා සඳහා යවලා…

ඉතියෝපියාවේ යුධ කලාපයෙන් ලාංකිකයන් බේරා ගැනේ - රැකියා සඳහා යවලා…

සාගත සහ දුර්භික්ෂවලින් ගහණ ඉතියෝපියෝවේ රැකියා සඳහාද ශ්‍රී ලාංකිකයන් යොමු කර ඇති බව අනාවරණය වේ.

ඒ බව හෙළිවන්නේ මේ වනවිට අභ්‍යන්තර සිවිල් යුද්ධයක් පවතින තත්වය යටතේ ජීවිත අවදානමකට ලක්වි සිටි ලාංකිකයන් පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද මහැදිගත්වීමෙන් අනාරක්ෂිත තත්වයෙන් මුදවා ගැනීම පිළිබඳ වාර්තා වීමත් සමගය.

එරට ඇඟලුම් කර්මාන්තයෙහි සේවයේ යෙදවීම සඳහා ගොස් සිටි 38 දෙනෙකු මෙම පිරිසට අයත් වෙති.

පසුගිය 04 වනදා ටයිග්‍රේ ප්‍රදේශය අත්පත්කරගෙන සිටින ආයුධ සන්නද්ද පිරිසගේ බලප්‍රදේශයකට ඉතියෝපියානු රජයේ හමුදා පහරදීමත් සමග ගැටුම් බරපතල තත්වයකට වර්ධනය විය. මේ නිසා ජීවිත අනතුරට පත් ලාංකිකයන් ඇතුළු අනෙකුත් ශ්‍රමිකයන් ටයිග්‍රේ ප්‍රදේශයෙන් මුදවාගෙන එරට අගනුවර වෙත ආරක්ෂිතව ගෙන්වාගෙන ඇත.

මෙම පිරිස ශ්‍රී ලංකාවට රැගෙන එන දිනයක් පිලිබඳව මේ වනවිට විදේශ අමාත්‍යාංශය තීරණයක් ගෙන නැත.

-Lankatruth

Exit mobile version