රජයේ සමහර අයගේ අවශ්‍යතාවයන් මත අධිකරණ කටයුතු සිදු කරන බව ජාතික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා, පෙරේදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර දී ප්‍රකාශ කළේය.
ඔහු මේ පිළිබඳව තව දුරටත් සඳහන් කළේ ,
කොරෝනා වසංගතය හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග නතර වී ඇති හෙයින් රාජ්‍ය නිලධාරීවරුන්ගේ සහ වැදගත් ප්‍රභූන්ගේ නඩු පමණක් විභාගයට ගෙන ඇති බව ඔහු පැවසීය.
තවද ඇතැම් ප්‍රබල ප්‍රභූවරුන්ගේ නඩු කල් දමන බවද ඔහු ප්‍රකාශ කළේය.
රටේ මහජනතාවගේ නඩු දිගින් දිගටම කල් දමමින් තිබෙන මොහොතක, ප්‍රභූවරුන්ගේ නඩු විභාග කිරීම, නඩු කල් දැමීම සහ ඇප ලබා දීම වැනි කටයුතු මේ ආකාරයට සිදු වෙමින් පැවතීම ප්‍රශ්නයක් යැයි ඔහු පැවසීය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු එක්තරා විශේෂිත වග කිව යුතු පැලැන්තියකට පක්ෂපාතීව අධිකරණයන් ක්‍රියා කරන බව අවධාරණය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
පිල්ලෙයාන් හට ඇප ලබා දුන් බවත්, පසුගිය දින කිහිපයේ මෙවැනි එක්තරා පැලැන්තියකගේ නඩු හබ විභාග කරමින් පවතින බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.