Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(video) ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය කඩාකප්පල් කළේ හිටපු ජනාධිපති – හරීන් ප්‍රනාන්දු

හරීන් ප්‍රනාන්දු

හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව පුරාම අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ‘4-ජී’ තාක්‍ෂණය සැපයීමට අවස්ථාව උදාකරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයා කඩාකප්පල් කළ බවත් එහි පළවිපාක මේ වන විට දරුවන් අත්විදින බවත් ජාතික සමඟි බලවේගය පක්‍ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ මස 23 වන දින පාර්ලිමේන්තුවේදී පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 වර්ෂයේ අය වැය විවාදයට එක්වෙමින් හිටපු ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අද ගූගල් බැලුම තිබුණානම්, ‘ගූගල් ලූන්’ කියන ප්‍රෙජෙක්ට් එක, මම කෙළන්ම කියනවා ඒක කඩාකප්පල් කළේ එවකට හිටපු ජනාධිපතිවරයා”

“හැබැයි හිටපු ජනාධිපතිවරයා එයාගෙ මල්ලිව ටෙලිකොම් එකේ සභාපති කරලා. මාව නාමමාත්‍ර ඇමති කරලා, අන්තිමට ඒක කරගෙන යන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ”

“ටී.ආර්.සී. එක යටතේ තිබුණු ඒ ගූගල් ලූම් ප්‍රෙජෙක්ට් එක ලෝකයේ පළවෙනි දහයේ තියෙන එකක්. ඒකට ලංකාවේ ආණ්ඩුවෙන් සත පහක් ගෙව්වේ නෑ කථානායකතුමනි”

“ඒ ව්‍යාපෘතිය කෙන්යාවට දීලා අද මුළු කෙන්යාවෙම 4-ජී තාක්‍ෂණය තියෙනවා. අද සූම් එකෙන් ළමයින්ට වැඩ කරන්න ඒක තිබුණනන් කොතරම් වටිනවද? අපි තමයි ඩිජිටල් පංති කාමර පළමුවෙන්ම හදලා දුන්නේ. ළමයින්ට ‘ටැබ්’ දෙමු කියලා මම තමයි යෝජනා කළේ. දැන් මාස හයක් පාසල් වහලා. ‘ටැබ්’ තිබුණනන් ළමයින්ට ගෙදෙර ඉදන් වැඩ කරන්න තිබුණා”

“මොකක්ද ඩිජිටල් කියන එකේ තේරුම”

“ආණ්ඩුපක්‍ෂයේ ඇමතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් ඉන්නවා නම් අත උස්සලා උත්තර දෙන්න”

“මොකක්ද ඩිජිටල් කියන වචනයේ තේරුම.. නෑ… කියන්න කියන්න….. ඔබතුමාලා දක්‍ෂ වැඞ්ඩො ටික ඉන්න පැත්තනේ…. (අත දිගුකර මන්ත්‍රීවරයකු පෙන්වමින්) ඔයාට මම කියලා දුන්නනේ මගේ පැත්තෙ ඉන්නකොට”

“ගරු කථානායකතුමනි, ඩිජිටල් කිව්වම ‘නම්බර්ස්’ සිංහලන් කිව්වොත් අංකන අපබ්‍රංසයි”

“මට ඇමතිකම ලැබිලා පළමුවෙන්ම මහියන්ගනේ ගියාම මම කල්පනා කළා කොහොමද මිනිස්සුන්ට මේ වචනෙ තේරුම් කරන්නේ කියලා. පසුව මම මළලසේකර ඩික්ෂනරිය පෙරළ ගත්තා. ඒක තිබුණා අන්තිමට අඟිලිවලින් කරන කියලා. දැන් මම අල්ලගත්තා වචනෙ”

“මට අවස්ථාව තිබුණා ගූගල් ආයතනයේ අයිතිකාරයා පෞද්ගලිකව මුණගැහෙන්න. ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. ‘බැලුම බැලුම’ කියලා කියවනවා. දන්න දෙයක් කියන්න ඕනේ”

“ජනාධිපතිතුමා අද ටී.ආර්.සී. එකට බිලියන 15 ක් වෙන්කරලා තියෙනවා. 4-ජී දෙන්න. හැබැයි අර බැලුමේ වැඬේ කළානම් ලංකාවේ සෑම තැනකටම 4-ජී තාක්‍ෂණය දෙන්න තිබුණා”
“අපි මොනවද කළේ අහනවා. ‘ෆයිබර් ඔප්ටික්’ කියන තාක්‍ෂණය ගෙනල්ලා යාපනයට වෙනකන් ගෙනිච්චේ අපේ කාලයේ. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දුන්නා. දැන් පු`ළුවන් වීඩියෝ තාක්‍ෂණයෙන් සියලුම දෙනා සම්බන්ධ වෙන්න. තෙල් පුච්චන්න ඕන නෑ”

ආණ්ඩුවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ මඩ ගසන බවට චෝදනාව පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඔය ‘සර් ෆේල්’ කියන රටේ තිබුණ වචනෙ අපි සමාජයට ගෙනාවා. අපි සමාජයට ගෙනල්ලා එක ළයින් එකේ කථා කළා. අපිට පේජ් කාරයො හිටියේ නෑ. එකම භාෂාව කථා කරපු නිසා මිනිස්සු ඒක අල්ලගත්තා. මේගොල්ලන් තමයි නා ගත්තේ. මේගොල්ලො ඒක අරගෙන කිව්වා අපි ෆේල් නෑ කියලා. අපි මොනවා කරන්නද?

“අපි ෆේල් කිව්වා…. මේගොල්ලො කිව්වා නෑ කියලා.”

“ඉතින් මිනිස්සු කිව්වා උඹලා ෆේල් කියලා…. මේකයි උනේ…. එහෙම නැතුව සල්ලි දීලා ගැහුවනන් අපි ගහන්නේ ලොවි ගහෙන් මේ වෙලාවේ” යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version