Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල්ගේ කාලයේ අවුරුදු 100 කට වඩා පැරණි කැලෑ හෙළි කරලා සිංහල පවුල් 5000 ක් පදිංචි කරා, කල්ලාරු තීන්දුවට එරෙහිව අභියාචනයක් කරනවා – රිෂාඩ්

බැසිල්ගේ කාලයේ අවුරුදු 100 කට වඩා පැරණි කැලෑ හෙළි කරලා සිංහල පවුල් 5000 ක් පදිංචි කරා, කල්ලාරු තීන්දුවට එරෙහිව අභියාචනයක් කරනවා - රිෂාඩ්

බැසිල්ගේ කාලයේ අවුරුදු 100 කට වඩා පැරණි කැලෑ හෙළි කරලා සිංහල පවුල් 5000 ක් පදිංචි කරා, කල්ලාරු තීන්දුවට එරෙහිව අභියාචනයක් කරනවා - රිෂාඩ්

විල්පත්තුව කල්ලාරු ප්‍රදේශයේ සිදුකළ වන විනාශය සම්බන්ධව අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් සිදු කිරීමට ඇති බව රක්ෂිත බන්ධනාගාරයේ සිට ඊයේ ඇප මත නිදහස් වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසා ඇත.

රක්ෂිත බන්ධනාගාරයේ හිටපු අවස්ථාවේ , Skype තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ දෙවන දිනයට සාක්ෂි දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ඔබ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස සිටියදී යුද්ධයෙන් බලපෑමට ලක්වූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනයා කී දෙනෙකු නැවත පදිංචි කරවූවාද ? යනුවෙන් කොමිසම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ඔහු,

උතුරු පළාතේ ජනතාවගෙන් සියයට 2 ක් සිංහලයන් වන අතර සියයට 5 ක් මුස්ලිම් ජාතිකයන් සිටිති. යුද සමයේදී එල්ටීටීඊය විසින් මුස්ලිම්වරුන් ලක්ෂයක් පමණ ඔවුන්ගේ ගම් වලින් එළවා දැම්මා. 2009 දී මම නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා ලෙස හිටියේ නෑ. බැසිල් රාජපක්ෂ තමයි එවකට නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා ලෙස හිටියේ. නමුත් මම ඔහුගේ සැලැස්මට සහාය දැක්වුවා.

මොණරාගල සහ හම්බන්තොට අසල ජීවත් වන සිංහල පවුල් 5,000 ක් පමණ කලබෝගස්වැව නාමල්ගම යන ප්‍රදේශයේ නැවත පදිංචි කරවන ලදී. අවුරුදු 100 කට වැඩි කාලයක් පැරණි විශාල ගස් තිබුණා. නැවත පදිංචි කිරීමේ දී එම ගස් ද කපා දැම්මා. එහෙත් කිසිවෙකු ඔවුන්ට එරෙහිව චෝදනා කරන්නෙ නෑ. විල්පත්තු කල්ලාරු වන විනාශය ගැන තමයි සියලු දෙනාම ඕනෑවට වඩා කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම වන විනාශයක් එහේ සිදුවුනේ නෑ. එමනිසා ලබා දී ඇති තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කරන බව පවසා සිටියේය.

-SIYANE NEWS

Exit mobile version