Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ විපක්ෂයට ප්‍රශ්න ඇසීම සීමා කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට චෝදනා

PCR පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති : කතානායක PCR කරන්න දිගින් දිගටම ආයාචන කරයි

PCR පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති : කතානායක PCR කරන්න දිගින් දිගටම ආයාචන කරයි

විපක්ෂයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා කිරීම හේතුවෙන් පෙරේදා (21) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොවිඩ් 19 වෛරසය මැඩපවත්වන එන්නත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විපක්ෂය ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවූ අතර ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර තිබීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විමසා සිටි‍ අතර සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවත් එය අවසන් තීන්දුව බවත්ය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා – “තමුන්නාන්සේට ඕන තීන්දු දෙන්න බෑ. කරුණාකර පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න. පාර්ලිමේන්තුවේ රීති තියෙනවා. ඔබතුමාට ඕන විදියට කටයුතු කරන්න බෑ.

මේකේ ස්ථාවර නියෝග තියෙනවා. ඔබතුමා නාමල් රාජපක්ෂ කියන විදියට ඔබතුමා වැඩකරන්නේ. ඔබතුමාගේ ප්‍රතිරූපයට මේක හානියක්”

කථානායක – “මම තීන්දුවක් දීලා තියෙනවා. ඒක වෙනස් කරන්නේ නෑ. කරුණාකර සභාවේ කටයුතු ඉදිරියට ගෙනයන්න.”

Exit mobile version