Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාධ්‍ය දඩයම, සමාජ මාධ්‍යට එරෙහි රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නවත්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

රජය මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ඉලක්ක කරගෙන දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙම තත්වය තරයේ හෙළාදකින අතර ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ නාමයෙන් වහාම මෙය නවත්වන්නැයි තමන් බලකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක් ගානෙම ඔප්පු කරමින් ඉන්නවා. ඒ අතර තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් දියත් වෙනවා.මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා.කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩුවට අපි කියනවා.කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න.

මේ සිදුවෙන්නේ මොනවාද? කොයිම ආකාරයක හෝ මාධ්‍යට එරෙහිව දියත් වෙන මර්ධනයට සහ බලපෑමට අපි විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරනවා. පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මර්ධනය උග්‍ර වෙලා තිබෙනවා.

මේ අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයන් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රභල පහරක්.

මට නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එහෙත් අපි කවදාවත් මාධ්‍යට එරෙහි වෙලා නෑ.අපිට විවේචන දරා ගැනීමේ සංවරය සහ ශක්තිය තිබිය යුතුයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙත ආණ්ඩුවේ දැඩි මර්ධනය යොමුවෙලා තියෙනවා.

මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට තිබෙනවා.සියලු වාරණ ඉවත් කරනවා කියලා තිබෙනවා.නමුත් වසරක් යන්නත් පෙර ඒ සියල්ල බොරු වෙලා ඉවරයි.

අපි ආණ්ඩුවට කියනවා විවේචන වලට සවන් දෙන්න.ඒවාට ඉඩ දෙන්න.ඔවුන්ගේ නිදහස අහුරන්න එපා. සමාජ මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ ත්‍රස්තවාදය නවත්වන්න.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා ඇති. එය ක්‍රියාවෙන් ඔප්පු කරන්න.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

Exit mobile version