Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහබැංකුව 2014දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 6.5ක් ලබාදුන් සුබේරිට අමෙරිකාවේදී නඩු

සිදු කරන ලද මූල්‍ය අපරාධ රාශියක් හේතුකොටගෙන ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වන ඉමාඩ් සුබේරි නැමැත්තකු හට වසර 10ත් 13ත් අතර සිර දඬුවමක් නියම කරන ලෙසත්, ඩොලර් මිලියන 10ක දඩයක් අය කරගන්නා ලෙසත් ඉල්ලා එරට දිස්ත්‍රික් උසාවියක නඩු පවරා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2014දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් පිළිබඳ සිදුවීමක් ද මේ චෝදනා ලැයිස්තුවට අයත් වීම විශේෂ සිදුවීමකි.

2009 වසරේදී යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යම් තරමකට බිඳ වැටුණු අතර එයට හේතු වූයේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනාය.

ඒ අනුව 2014 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඉමාඩ් සුබෙරි සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ගිවිසුමක් අත්සන් කොට එයින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඉමාඩ් සුබෙරිට එරෙහිව පැවැත්වෙන නඩුවේදී අනාවරණය වී ඇත්තේ ඔහු තමන්ට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 6.5න් ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක්ම තම පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කර ඇති බවයි.

Exit mobile version