Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටකජු තොග වෙළෙන්දෝ අසරණ වෙති, කිලෝ 250,000ක් විකුණගන්න බැරුව වැල්ලවාය ගබඩාවල

රටකජු තොග වෙළෙන්දෝ අසරණ වෙති, කිලෝ 250,000ක් විකුණගන්න බැරුව වැල්ලවාය ගබඩාවල

රටකජු තොග වෙළෙන්දෝ අසරණ වෙති, කිලෝ 250,000ක් විකුණගන්න බැරුව වැල්ලවාය ගබඩාවල

පසුගිය යල කන්නයේ හා මාස් කන්නයේ වැල්ලවාය අවට ගොවීන්ගෙන් මිල දී ගත් රටකජු කිලෝ දෙලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකිව ගබඩාවල ගොඩ ගැසී ඇතැයි වැල්ලවාය තොග වෙළෙන්දෝ පවසති.

මෙසේ මිල දී ගත් කජු අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් අසීරුතාවන් රැසකට මුහුණු පා ඇති බවත් එම ව්‍යාපාරිකයන් සතුව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් රටකජු ප්‍රමාණයක් ගබඩාවල ඇති බවත් ඔවුහු කියා සිටිති. මේ වන විට එම කජු තොග ගබඩාවල ගොඩගැසී ඇති අතර කජු තොග අලෙවි නොවීම හේතුවෙන් එම ව්‍යපාරික පිරිස් බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවකට පත් වී සිටින අතර ගොවීන්ට ද ඔවුන්ගේ අස්වනු සඳහා මුදල් ගෙවීමට නොහැකි වී ඇතැයි තොග වෙළෙන්දෝ පවසති.

Exit mobile version