Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ධීවර රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ධීවර රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ධීවර රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහ ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ධීවර අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාතංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු විජේසේකර මහතා මේ උපදෙස් දුන්නේය.

Exit mobile version