Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපෙන් වැරද්දක් වුනොත් ඒවා පෙන්නලා දෙන්න – ඩිලාන් පෙරේරා

අපෙන් වැරද්දක් වුනොත් ඒවා පෙන්නලා දෙන්න - ඩිලාන් පෙරේරා

අපෙන් වැරද්දක් වුනොත් ඒවා පෙන්නලා දෙන්න - ඩිලාන් පෙරේරා

රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියෙන් ජනතාව බේරා ගැනීම සඳහා දකුණේ සිදුකරන සහන වැඩසටහන් වගේම උතුරු නැගෙනහිරටත් සහන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා 2020 වර්ෂය සඳහා මුදල් වෙන්කිරීමේ විවාදයට සහභාගීවෙමින් ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පීඩාවට පත් සියලූම දෙනාට සහන සැලසීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මෙහිදී දකුණට ලබාදී ඇති ප්‍රමුඛතාවයම උතුරු නැගෙනහිර පළාත්වලටද ලබාදී තිබෙනවා. දෙමළ පාර්ශවයන්ද මෙය පිළිගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනයන් සිදුවෙමින් පවතිනවා. මෙම වර්ධනය ඔවුන්ගේ ඇස්වලට ‍පේනවා.

ඒ වගේම කොරෝනා වෛරසයට ජාතිය ආගම කිසිවක් දන්නේ නෑ. අපිට ඡන්දය දුන් අය, විරුද්ධ පක්ෂයට ඡන්දය දුන් අය යන හැමෝටම වෛරසය ව්‍යාප්ත වෙනවා. එම නිසා සෑම දෙනාවම මෙම වෛරසයේ බලපෑමෙන් බේරා ගන්න අපි එක්ව කටයුතු කළ යුතුයි. අපෙන් කිසියම් වැරැද්දක් සිදුවුනොත් එය අපට පෙන්වා දෙන්න. අපි ඒක නිවැරදි කර ගන්නවා. එහෙත් ආණ්ඩුව විවේචනය කිරීමට සිතමින් රට අර්බුදයකට තල්ලු කරන්න එපා යැයි ඔහු පවසා සිටියේය.

– වීරකේසරි

Exit mobile version