Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කරයි

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කරයි

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කරයි

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කරයි

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කලාය. ඇයට ඩොලර් 25,000ක තිළිනයක් ලැබුනු අතර ශ්‍රී ලාංකීය ආහාර පාන සංස්කෘතිය ලෝකයට හදුන්වා දෙන්නට අවස්ටාවක් ද හිමිවිය. මේ ඇය ගෙන මුහුණ් පොතේ පලවුනු සටහනක්.

ඊයේ Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කල ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි මිහිලිය, ජෝජියාට උපහාර පිණිස ලියමි.

ඇය ජෝර්ජියා, ඊයේ දින Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කල එම තරගයේ සටන් වැදුණු පුංචිම කෙල්ල. ඕස්ට්‍රේලියාවේ ඉපදුන, අවුරුදු 11ක් වන ඇය උයන්න ඉගෙන ගන්නේ ශ්‍රී ලාංකික ආච්චි සහ සීයාගෙන්. ඒ වගේම ඇය කියනවා ඇයට අවුරුදු 3 ඉදන් ඇගේ දෙමව්පියන් මුළුතැන්ගෙයි වැඩ වලට ඇයව සහභාගී කරවා ගත්තාලු.

මුලින්ම අවුරුදු 3දී හදපු scramble egg , toast වල පටන් ඊයේ තරගයට ප්‍රදාන අහාරයට සාදපු කහ බත්, ඌරුමස් කරිය, කජු මාළුව, වම්බටු පැහිය, පපඩම් සහ කියුකම්බර් රයිතා එක වෙනකන් ඇයව ඉදිරියට ගෙනෙන්නට “ගෙදර කුස්සියෙන්” ලැබුණු දැනුම, උද්යෝගය, ආදරය සහ කැපවීමේ තරම මේ ලියන මට නම් හරිම ආදර්ශයක්.

ඊයේ දින මේ පුංචි පැන්චිගෙන් මම දැකපු ලස්සනම දේ තමා ඇයට වැරදුන එක තැනකදී කොහොමද ඇය කඩා නොවැටී ලස්සනට එය පාලනය කරගෙන නැවත යතා තත්වයට පත් වුන හැටි. (ඇයගේ අතුරුපස ඇය හිතපු නැති විදියට කඩා හැලුනා, එවිට ඇය එහි නම “Tropical Mess” ලෙස වෙනස් කොට පිළිගැන්වූවා. කොටින්ම කිව්වොත් ස්ථානෝචිත ලෙස ඒ අවස්තාව පාලනය කළා.)

ඒ වෙලේදී ඇය තරමක් සංවේදී වෙලා “I can’t do this” කියමින් කදුළු සලද්දී ඇගේ මව ජෝර්ජියාව වැළදගෙන දුන්න හාදුව සහ ඇයව ශක්තිමත් කල ආකාරය බොහෝ අයගේ ඇසට සංවේදී කදුලක් එකතු කළා. දියණියක් වැටෙන වෙලාවක මවකගෙන් ලැබෙන ආදරය, රැකවරණය සහ විශ්වාසය එකතු උන තල්ලුව දියණියකට දැනෙන්නේ යෝධ ශක්තියක් විදියටයි. එය මෙතැනදී මනාව ඔප්පු උනා කිව්වොත් මා නිවැරදියි.

ඊයේ දින ඇයට, ෆිලෝ සහ කාටර්ට තිබුන චැලේන්ජ් එක තමයි 4 දෙනෙක් සදහා 2 course meal එකක් සෑදීම. එක course එකකට විනාඩි 90 ක කාලයක් ඇයට සහ අනිත් තරගකරුවන්ට ලැබුනේ. ජෝර්ජිගේ මෙනු එක කිව්වොත් එය අවුරුදු 11 දරුවෙකුට අමාරු ශ්‍රී ලාංකීය traditional menu එකක්. නමුත් ඇය මනාව ඒ ආහාරය පිළියෙළ කර පිලිගන්වුයේ විනිසිරුවරුන් සහ සුවහසක් ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින්.

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති පුංචි ජෝජියා Junior MasterChef Australia 2020 ජයග්‍රහණය කරයි

ඒ මෙනු එක තමයි:

ප්‍රදාන අහාරයට :
කහ බත්, ඌරුමස් කරිය, කජු මාළුව, වම්බටු පැහිය, පපඩම් සහ කියුකම්බර් රයිතා.
අතුරුපස:
ටෝස්ටඩ් කොකොනට් අයිස්ක්‍රීම් ස්ලයිස්.

ඉදිරියේදී Masterchef Australia තරගයටද සහභාගී වී දිනුම ලභා ශ්‍රී ලාංකීය ආහාර පාන සංස්කෘතිය ලෝකයට තවත් හදුන්වා දෙන්නට ශක්තිය ලැබේවා කියලා පුංචි ජෝර්ජියාට ප්‍රර්ථනා කරනවා.

උපුටා ගැනීම : Janisha Bamunuarachchi -fb

Exit mobile version