Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වර්තමාන තත්වයට හේතුව ජනමාධ්‍යය සහ මහජනතාව තම වගකීම් පැහැර හැරීමයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

GMOA සභාපති සම්බන්ධ අසත්‍ය පුවත් පළකල මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානියා කවුද?

GMOA සභාපති සම්බන්ධ අසත්‍ය පුවත් පළකල මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානියා කවුද?

COVID-19 වසංගතය සතුටුදායක අයුරින් මැඩපැවැත්වීමෙන් පසු ජනමාධ්‍ය සහ මහජනතාව සියල්ල අමතක කොට වගකීම් පැහැර හැරීම වර්තමාන තත්ත්වයට හේතු වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.

COVID-19 මැඩලීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය උපදේශන නිසි ලෙස අනුගමනය කළහොත් COVID-19 වසංගතය සෞඛ්‍ය අංශයට පහසුවෙන් පාලනය කළ හැකි බවත් ඒ සඳහා රටේ ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසීය.

COVID-19 වසංගතය සෞඛ්‍ය ගැටලුවක් බැවින්, එයින් ජනතාව ආරක්ෂා කර රට ඉදිරියට ගෙනයාම රජයේ හා සෞඛ්‍ය අංශයේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දී තිබේ.

ලෝකයේ ඉහළම මට්ටමේ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සිටින බවත්, මෙම වගකීම සාර්ථකව ඉටු කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග 03 ක් පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය.

– පළමු ක්‍රියාමාර්ගය නම්, ඇඳිරි නීතිය පැනවීම සහ රට සම්පූර්ණයෙන් වසා දැමීම.
– දෙවැන්න, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම.
– තෙවන ක්‍රියාමාර්ගය නම්, රෝගය පාලනය කරමින් රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම යන්නයි.

වසංගතය පාලනය කර රට ඉදිරියට ගෙන යෑම සඳහා වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගෙන එය ජනතාව වෙත ගෙන යාම මාධ්‍යයේ වගකීම හා යුතුකම බව ජනාධිපතිවරයා පවසා තිබේ.

කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වන තෙක් රට වසා දැමීමට නොහැකි වනු ඇති බවත් සාමාන්‍ය පරිදි ක්‍රියා කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

COVID-19 ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා රජය දිනකට PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 60 කට වඩා වැය කරන බව ඔහු පෙන්වා දුන්නේය.

නිරෝධායනය වීම ඇතුළු සියලු කටයුතු සඳහා දිනපතා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එබැවින් වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ ආසාදනයෙන් ආරක්ෂාවීම සෑම කෙනෙකුගේම පෞද්ගලික යුතුකම බවයි.

-News1st

Exit mobile version