Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂ දෙකක් සොයා ගැනේ!

ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂ දෙකක් සොයා ගැනේ!

ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂ දෙකක් සොයා ගැනේ!

ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂ දෙකක් සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් මේ බව හෙළි දරව් කර තිබේ.

මෙම සර්පයින් නකල්ස් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ සත්ත්ව විශේෂඥයෙකු (Herpetologist) වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා විසින් මෙම සර්ප විශේෂ හඳුනාගෙන ඇත.

මෙම සර්පයින් දෙදෙනාම පස් යට ජීවත් වන අතර රාත්‍රී කාලයේ ආහාර ගෙනීම සදහා පස් උඩට එන බවත් ඔවුන් විශරහිත අතර මිනිස් ක්‍රියාකරකම් නිසා ඔවුන් නැතිවෙමින් පවතින බව මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සදහන් කරේ.

මේ අතර, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දාසියා හාවියානස් නම් ජීව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අද්විතීය ජීවි විශේෂයක් වන්නි කැළයේ දී මෑතකදී හඳුනාගෙන තිබේ.

මීට පෙර එක් දුර්ලභ ඇල්බිනෝ පිඹුරෙකු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පිහිටා ඇති රිටිගල වනයෙන් සොයා ගෙන ඇති බව ද සඳහන් වේ.

Exit mobile version