Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ඒලියන්ත වයිට් කලේ බොරුවක් – ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ

ඒලියන්ත වයිට් කලේ බොරුවක් – ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ

ඒලියන්ත වයිට් කලේ බොරුවක් – ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ

ඒලියන්ත වයිට් අතුලු ඔය කරන සියල්ල හුදු මිත්‍යාවක් බවත් ඒවායේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති බවත් ඒ සියල්ල වංචාවන් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා සඳහන් කරයි.

පාලකයින් පවා අන්ධ විශ්වාස පසුපස දුවන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒලියන්ත වයිට් තමාට කිසියම් බලයක් තියෙනවනම් ඒ මොකක්ද , කවදද ලැබුනේ කොහෙන්ද ලැබුනේ පිලිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුතු බවත් නැතිනම් ඔහු කල කිසිවක් පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවද පවසයි.

සමහරු විශ්ව ශක්තිය කියනව,සමහරු හක්ගෙඩි විකුණනවා ,ෆෙන්ශුයි කරනව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා ඒ ඔක්කොම මානසික රැවටීම් විතරක් බවත් ඒ සියල්ලම බොරුවක් බවද ඒ මහතා සඳහන් කරයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා මෙම අදහස් පල කලේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Exit mobile version