Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉස්ලාමීය අන්තවාදය: ශිෂ්ඨාචාරය අතර ගැටුමක්ද? ශිෂ්ඨාචාරය ඇතුළත ගැටුමක්ද? – පොත් හැදින්වීම

ඉස්ලාමීය අන්තවාදය: ශිෂ්ඨාචාරය අතර ගැටුමක්ද? ශිෂ්ඨාචාරය ඇතුළත ගැටුමක්ද? - පොත් හැදින්වීම

ඉස්ලාමීය අන්තවාදය: ශිෂ්ඨාචාරය අතර ගැටුමක්ද? ශිෂ්ඨාචාරය ඇතුළත ගැටුමක්ද? - පොත් හැදින්වීම

ශ්‍රි ලංකාව ආසියානු මහාද්වීපයේ කුඩා දූපතකි. මීට වසර 2700කට කිට්ටු ලිඛිත ඉතිහාසයක් මීට ඇත. අප රට කුඩා වුවද ලෝකයේ බලවතුන්ට (ඇමරිකාව, චීනය, ඉන්දියාව) යන රටවලට මෙය ඉතා වටිනා නිධානයකි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයට වසර 1300ක් තරම් ඈත ඉතිහාසයක් ඇත. මෙම දීර්ඝ කාලයක් තුළ ලංකාව ආක්‍රමණය කිරීමට තරම් මුස්ලිම්වරු බුද්ධි හීනයෝ නොවූහ. ලංකාවේ සිංහල බෞද්ධයන් සහ මුස්ලිම්වරු අතර සහෝදරාත්මක බැඳීමක් තිබූ බවට ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම් ඇත.

1915 ඇති වූ සිංහල – මුස්ලිම් ගැටුම පිටුපස ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ක්‍රියා කළ බව ඉතිහාසයේ සැඟවී ඇති සිද්ධීන්ය.

මෑතකදී සහරාන්ගේ මූලිකත්වයෙන් සිදු කළ කතෝලික භක්තිකයන්ගේ සංහාරයට ද, ලෝකයේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආගමික සංවිධානය යැයි කියාගන්නා ම්ලෙච්ඡ මිනීමරු ව්‍යාපාරයක මගපෙන්වීම ලැබී ඇති බව ඉතා පැහැදිලිය.

ඉස්ලාමීය අන්තවාදය ශිෂ්ඨාචාරය අතර ගැටුමක්ද? ශිෂ්ඨාචාරය ඇතුළත ගැටුමක්ද? යන හිසින් රචිත පොත අපේ අදහස් මැනවින් සනාථ කර ඇත. මෙය සෑම මුස්ලිම් සහෝදර සහෝදරියක්ම කියවිය යුතු ඉතා වැදගත් පොතකි. සාමය, සංහිඳියාව කැමති සෑම පුරවැසියෙක්ම මෙය කියවීම ඉතා වැදගත් ය.

අන්තවාදය වැපිරීම සඳහා ආගම් සම්බන්ධ කර ගැනීම අපරාධයකි. එය ඉතා බරපතල වරදකි. එයින් ඇතිවන අනිසි විපාක මිනිස් සංහතියේ අවශ්‍යතාවය විය හැක.

ශ්‍රී ලංකාවේ සිංහලයන්, මුස්ලිම්වරු සහ දමිළයන් සමඟ සමීපව සහජීවනයෙන් ජීවත් වෙනවාද? නැතහොත් වෙන්වී, දුරස් වී ජීවත් වෙනවාද? යන්න අප විසින් බුද්ධිමත්ව තේරුම් ගත යුතු කාරණයකි.

නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ප්‍රධානීන් යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයන් ක්‍රියා කර ඇති ආකාරය නම් සතුටුදායක නැත. ඒ පිළිබඳව සෑම මධ්‍යස්ථ මත දරන මුස්ලිම් ජනතාව බුද්ධිමත්ව කල්පනා කර බැලිය යුතුය.

මේ රට තුළ ආගමික සහජීවනය ඇති කිරීමට නම් සෑම මිනිසෙකුම සතුටින්, සමාදානයෙන් ජීවත් වීම අපේක්ෂා කරන්නේ නම් අපි මේවා විවෘතව සාකච්ඡා කළ යුතුය. අපි එකට අත්වැල් බැඳගත යුතුය.

විචාරය – ජිනේන්ද්‍රදාස සිල්වා ගීගනගේ

ඉස්ලාමීය අන්තවාදය: ශිෂ්ඨාචාරය අතර ගැටුමක්ද? ශිෂ්ඨාචාරය ඇතුළත ගැටුමක්ද? – පොත් හැදින්වීම
Exit mobile version