Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්, අගමැතිව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනය කිරීම වැරදියි – සුමන්දිරන්, සෙල්වම්

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තම කාර්යාලයට අගමැතිවරයා හට ආරාධනා කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුමන්දිරන් සහ සෙල්වම් අඩෛක්කලනාදන් පැවසූහ.

එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමයට සංවිධානය කර තිබූ වැඩසටහනකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූර කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් රැසක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කර ඇත.

එවැන්නකට වගකිව යුතු ඔහුම, ආරාධිත අමුත්තා ලෙස ආරාධනය කර තිබීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් විමසූ විට ඔවුන් මෙලෙස සඳහන් කළහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් පවසා සිටියේ,

මෙය නොගැළපෙනම ස්ථාවරයක්. ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාව සහ ලංකාව තුළ එක්සත් ජාතීන් වැරදි කළ බවට වූ වාර්තා යන සෑම එකකම මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවටත් යුධ අපරාධ සිදු වූ බවටත් එක්සත් ජාතීන් විසින්ම ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් විසින්ම මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනය කර සිටීම මහත් වැරද්දක් බවයි.

සෙල්වම් අඩෛක්කලනාදන් පවසා සිටියේ,

එක්සත් ජාතීන්ගේ තීරණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පවා එය ප්‍රකාශ කර තිබුණා. මෙම තත්වයේදී ප්‍රශ්න කළ යුතු කෙනාවම ආරාධිත අමුත්තා ලෙස ගෙන්වීම නොගැලපෙන ක්‍රියාවකි. මෙමගින් දෙමළ ජනයා එක්සත් ජාතීන් මත තබා ඇති විශ්වාසය පළුඳු වී එක්සත් ජාතීන්ගේ සංවිධානය මත සැකයක් ඇති කිරීමට තුඩු දී ඇත.

– වීරකේසරි

Exit mobile version