Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර කොරෝනා වෛරසය පෙරට වඩා දැඩි ආසාදන මට්ටමක, ජ’පුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම හෙළිකරයි

මෙවර කොරෝනා වෛරසය පෙරට වඩා දැඩි ආසාදන මට්ටමක, ජ’පුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම හෙළිකරයි

මෙවර කොරෝනා වෛරසය පෙරට වඩා දැඩි ආසාදන මට්ටමක, ජ’පුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම හෙළිකරයි

වර්තමාන කොරෝනා වෛරසය පෙර පැවති කොරෝනා වෛරසයට වඩා දැඩි ආසාදන මට්ටමකින් යුක්ත බව, ඒ පිළිබඳව පර්යේෂණය සිදු කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම විසින් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත කොරෝනා ව්‍යාප්ති තත්වයකට මුහුණ දී සිටින අතර එය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩයෙන් ආරම්භ වූ අතර මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම පරීක්ෂණය පසුගියදා සිදු කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය හා අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂකයින් විසිනි.

මේ පිළිබඳව විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සටහන් වන්නේ එම පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව ඉකුත් සමයේ මෙරට පැවති වෛරසයට වඩා මෙවර පැමිණ ඇති වෛරසය දැඩි ආසාදන මට්ටමකින් යුක්ත බවත් මේ හේතුවෙන් වෛරසය සීඝ්‍රයෙන් පැතිරී යන බවත්ය.

කෙසේවෙතත් මහාචාර්ය මලවිගේ ඇතුළු කණ්ඩායම සිදුකළ පොසිටිව් වූ PCR පරීක්ෂණ වාර්තා රජය විසින් පිළි නොගැනීම නිසා එම කණ්ඩායම ජූලි 10දා එම ක්‍රියාවලියෙන් ඉවත් විය.

Exit mobile version