Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් – 19 යැයි සැක කළ මව රෝහලට රැගෙන යාමෙන් කම්පනයට පත්වූ විශේෂ අවශ්‍යතා සහිත පුතා සියදිවි නසාගනී

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම

කොවිඩ් – 19 යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා හෝමාගම, දොලහේන, හරිත පෙදෙසේ මවක් රෝහල් ගතකිරීමෙන් පසු සිත් තැවුලට පත් විශේෂ අවශ්‍යතා සහිත පුතා සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ කාන්තාව මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොවිඩ් – 19 වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (30) ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමීට පියවර ගෙන ඇත. එහෙත් එම නිවසේ මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවා සහ මව පමණක් තනිවම වාසය කර ඇති අතර මව රැගෙනයාමෙන් දරුවා නිවසේ තනිවී තිබේ. අවුරුදු 25ක පමණ වයසේ පසුවන ඔහු මව රැගෙන යාමෙන් කම්පනයට පත්ව නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

ප්‍රසේශවාසීන් පවසන්නේ මෙම දරුවා නිවසේ තනිකර දමා නොයන ලෙස මරජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුවූවද ඔවුන් එහි තිබූ මානුෂීය තත්වය නොසලකා කටයුතු කළ බවය.

Exit mobile version