Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන නීතිපති සති දෙකක් තුළ වාර්තාවක් ඉල්ලයි

හිටපු නීතිපති ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

හිටපු නීතිපති ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය හරහා නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට පාර්ශ්ව කිහිපයකින් රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණි. ඇතැම් පාර්ශ්ව පෙන්වා දුන්නේ මෙම ව්‍යාප්තිය සඳහා ඇඟලුම් ආයතනයේ පාලනාධිකාරිය වගකිව යුතු බවයි.

මේ වනවිට ඇඟලුම් ආයතනයේ ආරම්භ වූ ව්‍යාප්තිය ලංකාව පුරා පැතිර ගොස් ඇති අතර විශේෂයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හරහා ඉතා වේගයෙන් වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. මේ වනවිට මෙම පොකුරට සම්බන්ධ ආසාදිතයන් ප්‍රමාණය පන්දහස ආසන්නයට පැමිණ තිබෙනවා. එය විදෙස් ශ්‍රමිකයන් ඇතුළු මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (27) වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙන්නේ මෙම පොකුරේ ආරම්භ හා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා දන්වා තිබෙනවා.

Exit mobile version