Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

මේ වනවිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනාවරණය කරයි.

ඔහු මේ බව අනාවරණය කර ඇත්තේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් – 19 වසංගත තත්වය සම්බන්ධයෙන් ඊයේ දින (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු දක්වමිනි.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් ඇති බවද ඔහු අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කරන උපුල් රෝහණ මහතා,

“දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් – 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන වසංගත තත්වය මේ වනවිට ඉතාම අවාසනාවන්ත තත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා.

එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි.

ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”. යැයි පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ කොවිඩ් – 19 වසංගතය සමාජයේ පැතිරීමක් නැති බව ය.

Exit mobile version