Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපි 20ට ඡන්දය දුන්නේ හකීම්ගේ එකඟතාවයෙන් – මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී හරිස්

අපි 20ට ඡන්දය දුන්නේ හකීම්ගේ එකඟතාවයෙන් – මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී හරිස්

අපි 20ට ඡන්දය දුන්නේ හකීම්ගේ එකඟතාවයෙන් – මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී හරිස්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය ලබාදුන්නේ සිය පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක එච්.එම්.එම් හරිස් මහතා ඊයේ (25) කල්මුණේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ,

“අපි සියල්ල අධ්‍යනය කරලා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කරන්නට තීන්දු කරගත්තා. ඒකට නායකතුමාත් අනුමැතිය ලබාදීලායි තිබුණේ.

මම කිසි දවසක බොරු කියන්නේ නැහැ. මගේ කල්මුණේ ප්‍රදේශයේ ඉඳලා මේක වගකීමෙන් යුතුව කියන්නේ. ගත්තු තීන්දුවකට පටහැණිව අපි ඡන්දය පාවිච්චි කරපු බවක් පක්ෂයේ කවුරුහරි කියනවා නම් මනෝ ගනේෂන් මහත්තයා අරවින්ද් කුමාර් මහත්තයාව පක්ෂයෙන් ඉවත් කරපු ආකාරයට පක්ෂ ව්‍යවස්ථාව අනුව අපිවත් ඉවත් කරන්න පුළුවන්. නමුත් එවැන්නක් තාම සිදුවුණේ නැහැ.

ඒකට හේතුව, නායකතුමාගේ අනුමැතිය ඇතිව තමයි අපි 04 දෙනාම ඡන්දය දුන්නේ. මාධ්‍යයට කියන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගියදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනාත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකුත් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවෙලා සාකච්ඡා කළා කියන එක ඇත්ත” යනුවෙනි.

Exit mobile version