Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි තීරණ ගත යුතුයි” – චීනය ඇමරිකාවේ මතය තරයේ හෙළා දකී

ණය ගැටළුව විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

ණය ගැටළුව විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි නමුත් අවශ්‍ය තීරණ ගතයුතු බව පවසන එක්සත් ජනපද ඉල්ලීම, චීනය දැඩි ලෙස හෙළා දැක තිබේ. එය එක්සත් ජනපදයේ සීතල යුද්ධයේ මානසිකත්වය පිළිබිඹු කරන බවත් චීනය පවසා ඇත.

චීනය සමඟ සබඳතා දිගටම කරගෙන යා යුතුද යන්න තීරණය කරන ලෙස එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කරන බවත්, චීනයට එරෙහි එක්සත් ජනපදයේ එවැනි ක්‍රියාමාර්ග සාර්ථක නොවන බවත්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. චීනයේ අදහස් එක්සත් ජනපද සීතල යුද්ධ මානසිකත්වය පිළිබිඹු කරන බවත් තවදුරටත් ඔහු පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් චීනය සමඟ වර්ධනය වෙමින් එන සබඳතාවලදී “දැඩි තීරණ” ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙන බව දකුණු ආසියාවේ එක්සත් ජනපද තානාපති ඩීන් තොම්සන් පවසා ඇත. මයික් පොම්පියෝ සිය ශ්‍රී ලංකා සංචාරයේදී මානව හිමිකම්, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පොදු කැපවීම පිළිබඳව ප්‍රශ්න මතු කරනු ඇතැයි ද ඔහු පැවසීය.

“වෙනස් කොට සලකන සහ විනිවිද නොවන ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් විනිවිද තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා අප ලබා දෙන විකල්ප සලකා බලන ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු. ඔහුගේ මෙම මතය පැහැදිලිවම කේන්ද්‍රගත වී ඇත්තේ චීනය මත ය.

දීර්කාලීන සමෘද්ධිය සඳහා ආර්ථිකය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි තීරණ ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවට අවධාරණය කර සිටින බවත් තොම්සන් පැවසීය.

– තිනක්කුරළ්

Exit mobile version