Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා ව්‍යාප්තිය පාලනයට දිස්ත්‍රික් මායිම් ගැන බරපතළ තීරණයක් ගන්න – GMOA

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

බැලූ බැල්මට පවතින කොරෝනා සමාජ ව්‍යාප්තියක් පිළිබඳව ඉඟියක් ලැබෙන බවත් ඒ සමඟ රට තුළ මේ වනවිට ඉතා සංකීර්ණ තත්වයක් නිර්මාණය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන වෙත එක්වෙමින්.

පවතින තත්වයත් සමඟ වසංගත රෝග විද්‍යා ඒකකය සතුව විශාල වගකීමක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ වනවිට තම සංගමයට හෝ වගකිවයුතු පුද්ගලයන් අතට වසංගත රෝග විද්‍යා ඒකකය විසින් රටේ කොරෝනා ව්‍යාප්තිය පිලිබඳ අභ්‍යන්තර තොරතුරු මෙතෙක් ලබා දී නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ පසුගියදිනක වසංගත රෝග විද්‍යා ඒකකය විසින් වාර්තාවන සියලු ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත් ඒ කුමන ආකාරයකින් ද යන්න ඔවුන් මෙතෙක් හෙළිකර නොමැති බව සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනතාවට අනාවරණ කළ යුතු බවයි.

මේ මොහොත වනවිට ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක හරහා වෙනත් දිස්ත්‍රික්ක වෙත ආසාදිතයන් ව්‍යාප්තවීම අවම කිරීම සඳහා දිස්ත්‍රික් මායිම් අතර බරපතල තීරණයක් කඩිනමින් ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළා.

– hirunews.lk

Exit mobile version