Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔබේ ඇස්වලට ඇගිල්ලෙන් ඇනගන්න එපා! – සී.වී. විග්නේස්වරන්

ඔබේ ඇස්වලට ඇගිල්ලෙන් ඇනගන්න එපා! - සී.වී. විග්නේස්වරන්

ඔබේ ඇස්වලට ඇගිල්ලෙන් ඇනගන්න එපා! - සී.වී. විග්නේස්වරන්

දෙමළ ජනතාවගේ අරගල යකඩ හස්තයකින් තලා දැමීමේ සැලැස්මක් විසිවන සංශෝධනය පිටුපස තිබේ. අප අතර ඇති පක්ෂ මතභේද අමතක කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක විග්නේශ්වරන් මහතා, 20 වන සංශෝධන විවාදයේදී අදහස් දක්වමින් කියා සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

සුළු ජාතීන් ත්‍රස්තවාදීන් ලෙස සිතීමෙන් බහුතරයෙන් ඡන්ද ලැබෙනු ඇත. නමුත් රට ප්‍රගතියක් නොලබයි. එබැවින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ පුද්ගලයෙකු කෙරෙහි බලය සංකේන්ද්‍රණය කිරීමේ අදහසිනි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයටත් මානව හිමිකම්වලටත් ගහන මළ බෙරයක් වනු ඇත.

පාලන තන්ත්‍රයේ ගතිලක්ෂණ ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ආඥාදායකත්වයට මාරුවීමට හේතුව, හුදෙක් බලය සඳහා වූ තන්හාව ලෙස මම නොබලමි. මෙය අනාගතයේ සිදුවිය හැකි යම් දේශපාලන සිදුවීම්වලට පූර්වාරක්ෂාවක් ලෙස මම දකිමි. දෙමළ ජනතාව තමන්ට එරෙහි පීඩනයට එරෙහිව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හිඩැස් කිහිපයක් වසා දමා අපේ අරගලය යකඩ හස්තයකින් තලා දැමීමට මේ පිටුපස න්‍යාය පත්‍රයක් ඇතැයි මම සිතමි.

පාස්තු ප්‍රහාරය විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වමින් ජනාධිපතිවරයාගේ බලය තවදුරටත් තහවුරු කිරීමට මෙම රජය උත්සාහ කරනවා.

තනි විධායක ජනාධිපතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ අධිකරණයේ, පොලිසියේ සහ රජයේ සේවය ගෙන ඒම අනාගතයේ දී දැවැන්ත විපාක ඇති කරනු ඇත. ඉදිරි මාස හය තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන බව මෙම රජය පවසමින් මෙවැනි සංශෝධනයක් ලහි ලහියේම ගෙන ඒමේ උත්සාහය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බව පැහැදිලිය.

එබැවින් මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අද දින කවුරුන් හෝ වැඩ කරන්නේ නම් සහ ඊට සහාය දක්වන ඕනෑම අයෙකු අනාගතයේදී පාරට බැස එම සංශෝධනය ඉවත් කර ගැනීමට සටන් කළ යුතු තත්වයක් උදා වන බව මම වගකීමෙන් කියමි.

අද ඔබ විසින් ගෙන එන මෙම සංශෝධනය මගින් ඔබටත්, ඔබේ දරුවන්ටත් සහ ඔබේ අනාගත පරම්පරාවටත් බූමරංගයක් මෙන් පෙරළා පහර වැදෙනු ඇත. ඔබේම ඇස්වලට ඇගිල්ලෙන් ඇනගන්න එපා!
මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට ඉඩ නොදෙන්න. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ සාමයට ආදරය කරන සියලු දෙනා අප අතර ඇති පක්ෂ වෙනස්කම් අමතක කර මෙම සංශෝධනය සම්මත වීම වැළැක්විය යුතුය.

-වීරකේසරි

Exit mobile version