Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වළ දැමූ ආයුධ සොයන අපේ හමුදාව

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක ආයුධ වළ දමා ඇති බවට ලැබුණු තොරතුරු පදනම් කරගනිමින්, සෙනසුරාදා උදෑසන සිට හමුදාව දැවැන්ත සෝදිසි මෙහෙයුමක නිරතව සිටී.මෙම මෙහෙයුම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් අභියස ඉඩම යන්ත්‍ර මගින් හාරමින් සිටී.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ මීට දින කිහිපයකට පෙර අලිකම්බේ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ LTTEයේ හිටපු සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 28 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අක්කරයිපත්තු මහේස්‍රාත්වරයා නියෝග කර ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ LTTEයේ හිටපු සාමාජික මුත්තුලිංගම් ඇන්තනි යන අය වසර 10 ක් තිස්සේ LTTEයේ රාධා බළකායේ සේවය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

– BBC NEWS

Exit mobile version