Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්තු මස දක්වා රජයට අවකාශ – අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර නීතියට මුහුණ දෙන්න වෙයි – දෙමළ සන්ධානය

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

ශ්‍රී ලංකාවේ බලයේ සිටින රාජපක්ෂ රජය දෙමළ-මුස්ලිම් ප්‍රජාවට එරෙහි මර්දනයන් හා පළිගැනීම් වහාම නතර කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව සෑහීමට පත්වන අයුරින් රජය මාර්තු මාසය වන විට සිය ස්ථාවරය වෙනස් කළ යුතුයි. එම කාලය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව රජය විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුවහොත් ජාත්‍යන්තර නීතිය රජය මතට බලපානු ඇත. TNA නායක හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බදන් මෙලෙස අනතුරු අඟවා තිබේ.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“මේ රට ජාතීන් තුනටම අයිති රටක්. එක් ජාතියකට පමණක් මේ රට අයිති නෑ.
මෙහිදී ජාතීන් තුනකටම අයිති දේශපාලන, භාෂාමය හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය.

බලයේ සිටින රජයට ජාත්‍යන්තර ප්‍රජාව නොසලකා හරිමින් ක්‍රියා කළ නොහැකිය. ඔවුන්ගේ උපදෙස් වලට සවන් දිය යුතුය. රජය විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ යෝජනා රටේ යහපත උදෙසා ක්‍රියාත්මක කළ යුතුය. දෙමළ-මුස්ලිම් ප්‍රජාවට එරෙහි මර්දනයන් හා පළිගැනීම් රජය විසින් වහා නතර කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව සෑහීමට පත්වන අයුරින් රජය මාර්තු මාසය වන විට සිය ස්ථාවරය වෙනස් කළ යුතුය.”

මන්ද, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නියම කර ඇති අවසාන දිනය මාර්තු මාසයෙන් අවසන් වේ. එම කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ රජය විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුවහොත් මෙම රජය දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇත.

ජාත්‍යන්තර යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ජාත්‍යන්තර නීතියට මුහුණ දීමට සිදු වනු ඇති බවත් රාජපක්ෂ රජය මෙය මනසේ තබාගෙන ක්‍රියා කළ යුතු බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.

Exit mobile version