Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“PCR අඩුකරන්න සෞඛ්‍ය අංශයන්ට බලපෑම්” – හර්ෂණගේ ප්‍රකාශයෙන් රතු ඉර උණුසුම් වෙයි

ගම්පහ ප්‍රදේශයේ PCR පරීක්ෂණ නැවැත්වීමට බලපෑම් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා (15) ස්වර්ණවාහිනි රතු ඉර වැඩ සටහනේදී පැව්සීය.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එම වැඩසටහනට සහාබාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්ම්ල් මහතා පැවසුවේ මෙය දේශදෝහී ප්‍රකාශයක් බවත් කොරෝනා මර්ධන මෙහෙයුමේ ජනතාවට ඇති ප්‍රබල විශ්වාසය වූ සෞඛ්‍ය පද්ධතිය කෙරහි ජනතා විශ්වාසය පලුදු කිරීමට තැත් කිරීමක් බවයි

එදා යුද්ධය පැවති සමයේ අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යනවා යැයි කියමින් මෙලෙසින් උත්සාහ කලේ හමුදාව කෙරෙහි විශ්වාසය නැති කිරීමටයි.

සෞඛ්‍ය අංශ PCR පරීක්ෂණ අවශ්‍යතාවය අනුව කරන බවත් එය අඩු කිරීමට කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version