හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයකු මාර්ගයෙන් සහරාන් හෂීම් ඉන්දියාවට පැන ගිය බව යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කළේ යැයි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ මස 7 වන දින පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.
බුද්ධි අංශ අතර තිබූ තරගකාරීත්වය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන් සහ අයි එස් අයි එස් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු බෙදා නොගැනීම නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට සිදු වූ බවද හෙතෙම කීවේය.
ප්‍රහාරයෙන් දින දෙක තුනකට පසු තව ත්රස්තවාදීන් 35ක් පමණ හමුදාව මඟින් අත්අඩංගුවට ගත් බව කියා සිටි ඒ මහතා, අප ළඟ ඔවුන්ගේ තොරතුරු තිබුණා ඒ නිසයි අත්අඩංගුවට ගන්න හැකි වුණේ. ඔවුන් තාමත් ඉන්නේ අත්අඩංගුවේ.
මේ තොරතුරු එදා සැලකිල්ලට ගත්තා නම් මෙම ප්‍රහාරය වළක්වාගැනීමට තිබූණා යැයි ද කියා සිටියේය.
මහේෂ් සේනානායක මහතා මෙම කරුණු කියා සිටියේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට පළමු වරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.