Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම විසින් ඔක්තෝබර් මස 9 වැනිදා දාතම යටතේ ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකරනු ලැබ තිබේ. ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අරලිය ගහ මන්දිරයේදී අදාළ ලිපිය ඊයේ (9) බාරදී ඇත.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා මේ වසරේ අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පිරිසට අනුබල දී ඇති බවට සාක්ෂි ලැබී තිබියදීත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර ඇතැයි ද අදාළ ලිපියේ දැක්වේ. රියාජ් බදියුදීන් මහතා නිදහස් කර ඇත්තේ කිසිදු නීතිමය අවසරයකින් තොරව යැයි ද අදාළ ලිපියේ සඳහන් වේ. එබැවින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

Exit mobile version