Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ දිනකට 09ත් 10ත් අතර පියයුරු පිළිකා රෝගීන් හඳුනා ගැනේ

වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

මෙරටින් සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 09ත් 10ත් අතර ප්‍රමාණයක් අලුතින් හඳුනා ගැනෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

එය වාර්ෂිකව රෝගීන් 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් යැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද කාන්තාවන් වැඩි පිරිසකට වැළඳෙන පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා බව ඇය සඳහන් කරයි.

මෙරට පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන්ගෙන් බහුතරය වසය අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන අය බවද විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියි.

පසුගිය වසර කිහිපයේ සිට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් පවතින බව කී විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මෙම රෝගය මුල් අවස්ථාවේම හඳුනාගැනීමෙන් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බවද පවසයි.

එබැවින් කාන්තාවන් සුවනාරි සායන හෝ වෙනත් සායන මගින් පියයුරු පිළිකා පරීක්ෂාවන් කරවා ගැනීම ඉතා වැදගත් බවද ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

Exit mobile version