Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

MAS සමූහයේ සාමාජිකයින්ට ගුරුලේත්තුවක් – මැටි ඇමතිගේ තවත් වැඩක්

MAS සමූහයේ සාමාජිකයින්ට ගුරුලේත්තුවක් - මැටි ඇමතිගේ තවත් වැඩක්

MAS සමූහයේ සාමාජිකයින්ට ගුරුලේත්තුවක් - මැටි ඇමතිගේ තවත් වැඩක්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) පෙරේදා(05) දින අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී.

එම ආයතන‌ය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර යන මහත්වරුන් ගිවිසුමට අත්සන් කළේය.

MAS Intimates (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම තම සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදෙන අතර, ඒවා බොහොමයක් ආනයනික නිෂ්පාදනයන්ය. මේ බව දැනගත් පසු එම ආයතනයේ පාලන අධිකාරි‌යෙන් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කළ ඉල්ලීමකට අනුව, මෙවර එහි සාමාජිකයන් 36,000 ක් සදහා ගුරුලේත්තුවක් ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.

එම තිළිණය 2021 ජනවාරි 01 වැනි දින සාමාජිකයන්ට ලබාදීම සදහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත.

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඒවා ලබාගැනීමට සැලසුම් කර ඇත. එමගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරිවන අතරම, එම මුදල මේ රටේ කර්මාන්තකරුවන් අතර බෙදීයෑමත්, පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයන් පරිභෝජනයට ජනතාව උනන්දු කිරීමට හැකියාව ලැබීමත් සිදු වේ.

Exit mobile version