Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාව: ධවල මන්දිරයේ වේගයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය…

ඇමරිකාව: ධවල මන්දිරයේ වේගයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය

ඇමරිකාව: ධවල මන්දිරයේ වේගයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුව, ධවල මන්දිරයේ තවත් බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ වැඩ කළ හොප් හික්ස් නම් කාන්තා සහායිකාවට කොරෝනා ආසාධනය වී ඇති බව පළමුවෙන්ම තහවුරු විය. ඇයගෙන් පටන්, ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලනියාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මෙම තත්ත්වය මත, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන තොම් ඩිලිස් සහ මයික් ලී යන අයටද අවධානම් තත්ත්වයක් තහවුරු වී ඇත.

ජනාධිපතිගේ හිටපු උපදේශක ජෙලියානෝ කොන්වේ සහ ප්‍රචාරක කණ්ඩායමේ කළමනාකරු බිල් ස්ටීවන් මෙන්ම ධවල මන්දිර වාර්තාකරුවන් තිදෙනෙකුට ද ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.

මොවුන් සියල්ලෝම, මෑතක දී ට්‍රම්ප් සමඟ විවිධ වැඩසටහන්වලට සහභාගී වූ අය වෙති. මාධ්‍යවේදීන් තිදෙනාට සිදු වූ බලපෑමෙන් පසුව ධවල මන්දිරයේ ප්‍රවෘත්ති එක්රැස් කරන අනෙකුත් මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ සගයන් ඇතුළු තවත් බොහෝ අය පරීක්ෂාවට ලක් කර තිබේ. මීට පෙර, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, උප ජනාධිපතිගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරීන් ඇතුළු කිහිප දෙනෙකුට කෝවිඩ් – 19 ආසාදනය වී ඇත.

නමුත්, මේ වන විට, බොහෝ දෙනෙකුට එකවර බලපෑම් ස්ථිර වී තිබේ.

ඇමරිකා ජනාධිපතිවරණය, නොවැම්බර් 3 වන දා පැවැත්වීමට නියමිතය. මේ සඳහා වන ප්‍රචාරණ කටයුතුවලට, ට්‍රම්ප් පසුගිය දින කිහිපය තුළ තීව්‍ර ලෙස සම්බන්ධ වී සිටියේය. එම නිසා, මෙම ප්‍රචාරණවලට ද සහභාගී වූ අයටද වෛරසය පැතිරී ඇති දැයි බියක් පැවතී.

Exit mobile version