“අපේ බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු නියෝජ්‍ය පොලිස් අධිකාරී නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 16 වනදා කාත්තාණ්කුඩි යතුරුපැදි බෝම්බ පිපිරුමෙන් පසු ජාතික තව්හීඩ් ජමාත්හි සහරාන් කණ්ඩායම විසින් දුරකථනයෙන් විවිධ අවස්ථාවලදී මට මේ පිළිබඳව දැනුම් දුන්නා. නමුත් සහ්රාන් සහ ඔහුගේ තණ්ඩායම මෙම ප්‍රහාරයට සම්බන්ධ බව මට දන්වා නැහැ“ යි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් මේබව පවසා සිටියේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට “මම සිද්ධිය ගැන දැන සිටියෙමි. සහ්රාන් සහ ඔහුගේ කණ්ඩායම සම්බන්ධදැයි මම නොදනිමි“ යැයි පිළිතුරු දෙන ලදී.
“ජයවර්ධන මට ප්‍රහාරයට අදාළ ඡායාරූප කිහිපයක් වට්ස්ඇප් හරහා එව්වා. ඒවා පැහැදිලි ඡායාරූප නොවන බව ඔහු පවසා සිටියේය. 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලු වල තිබී සොයාගත් පතොරම් ප්‍රමාණයක් පිළිබඳවද කොමිසමේ සාමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න කලහ. එයට පිළිතුරු දෙමින් “මේ කාරණය විවිධ විමර්ශකයින් විසින් වාර්තා කළා. පුපුරණ ද්‍රව්‍ය බොහෝමයක් විවිධ ස්ථානවල ගබඩා කර තිබුණා. එහෙත් ඒවා කිසිදු ආරක්ෂක හමුදාවක් විසින් වාර්ථා කරලා නැහැ“
2019 පෙබරවාරි 19 වන දින පැවති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමෙදී මෙම සිද්ධිය සාකච්ඡා කළ බව ඔහු පවසා සිටියේය.
-තිනක්කුරළ්