“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්නෙමු” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අරලියගහ මන්දිරයෙහි අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.එමෙන්ම එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය :- දිලීපන්ගේ අනුස්මරණය සඳහා අවසර ඉල්ලා උතුරේ උද්ඝෝෂණ පැවැත්විණි. මෙම තත්ත්වය සමඟ රජය කටයුතු කරන්නේ කෙසේද? අතීතය මෙන් තත්ත්වයක් නැවත ඇතිවේවි ද?
පිළිතුර :- එවැනි තත්ත්වයක් නැවත කිසි දිනෙක සිදු නොවනු ඇත. රට ආරක්ෂිතව පවතී. ආරක්ෂාව සම්බන්ධයෙන් අප දැඩි අවධානයකින් කටයුතු කරන්නෙමු. යළි උතුරේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අතීතයේදී දුන් පිළිතුරම නැවත පිළිතුරක් වශයෙන් දෙනු ලැබේ.
ප්‍රශ්නය :- ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධව අවධානය යොමු කර තිබේද?
පිළිතුර :- කොවිඩ් – 19 වසංගත තත්ත්වය දෙස අවධානය යොමු කර එය ක්‍රියාත්මක කළ යුතුයි. අප ඉන්දියාව සහ යුරෝපා රටවල තත්ත්වයන් හේතු කොටගෙන දැඩි අවධානය යොමු කර ඇත්තෙමු.