Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ ජනතාවගේ ව්‍යාපාරය වර්ජනය කළ යුතු බවට මහාචාර්ය සිසිර සිදු කළ මතභේදාත්මක සටහන

දෙමළ ජනතාවගේ ව්‍යාපාරය වර්ජනය කළ යුතු බවට මහාචාර්ය සිසිර සිදු කළ මතභේදාත්මක සටහන

දෙමළ ජනතාවගේ ව්‍යාපාරය වර්ජනය කළ යුතු බවට මහාචාර්ය සිසිර සිදු කළ මතභේදාත්මක සටහන

ඒකාබද්ධ දෙමළ පක්ෂවල සංවිධානයෙන් උතුරු – නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇත.

හර්තාල් සම්බන්ධයෙන් කොළඹ මාධ්‍යයක පල කළ ට්විටර් සටහනකට අදහස් දැක්වූ රජරට වෛද්‍ය පීඨයේ පීීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්‍ධන මහතා, ද්‍රවිඩ ව්‍යාපාර වර්ජනය කළ යුතු බව තම අදහස බව යනුවෙන් සටහන් කර තිබීම ඉමහත් මතභේදයට තුඩු දී ඇත.

දිලීපන් අනුස්මරණ උත්සවය තහනම් කිරීම හෙළා දකිමින් ද්‍රවිඩ ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා වූ විරෝධතාවය සාමකාමීව සිදුවිය.

මෙය රජයට විරුද්ධව මිසක් සිංහල ව්‍යාපාරවලට විරුද්ධව නොවන බව සැලකිය යුතු කරුණකි. එවැනි තත්වයක මහාචාර්ය සිසිර මහතාගේ සටහන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී තිබීම සඳහන් කලයුතුයි.

-තමිළ්වින්

Exit mobile version