Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුස්ලිම් ආයතන හා සංවිධාන 435ක ලියාපදිංචි අත්හිටුවයි!

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කර තිබූ දිවයිනේ ක්‍රියාත්මක කළ සුභ සාධක සංගම් 435ක් සහ වෙනත් සංවිධානවල ලියාපදිංචිය මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම සුභ සාධක සංගම්වල ලියාපදිංචිය පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබිණි.

මෙම තත්ත්වය මත, සියළු ආයතනවලට මෙම නිවේදනය ලැබී නොතිබිණි. එම නිසා සංවිධාන 435ටම ලියාපදිංචි තැපැල් මඟින් නැවත ලිපි යවා ඇත.

සංවිධානවල සභාපතිවරු / ලේකම්වරු වෙත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඒ.පී.එල්. අෂ්රෆ් මහතා විසින් යවා ඇති ලිපියෙහි සඳහන් පරිදි ,

අත්හිටුවා ඇති සංවිධාන අපගේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය යොදා ගැනීම නීති විරෝධී බව වැඩි දුරටත් දන්වා ඇත.

මෙම දැනුම් දීම ඉක්මවා ලියාපදිංචි අංක භාවිතා කිරීම පිළිබඳ දැනගතහොත් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දී ඇත.

එමෙන්ම අපගේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය ඔබගේ ආයතනයේ නැතහොත් සංගමයේ ලිපි ශීර්ෂවල නැතහොත් බැංකු ගිණුම්වල සිට ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

ඔබගේ ආයතනය වෙනත් රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර ඇත්නම් ඒ සම්බන්ධ විස්තර දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කර තිබුණි.

Exit mobile version