Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකලපුවෙහි හෙක්ටයාර 35000කට වැඩි ගොවි බිම්වල වගා කරන්න බැරි තත්වයක්

EPRLF - රා.දුරෙයිරත්තිනම්

EPRLF - රා.දුරෙයිරත්තිනම්

අනාගතයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ හෙක්ටයාර තිස්පන්දහසකට වැඩි ගොවි බිම්වල කිසිදු වගා කටයුත්තක් සිදු කිරීමට බැරි තත්වයට වැලි ගොඩදැමීම සිදුවන බව හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී රා.දුරෙයිරත්තිනම්(EPRLF) මහතා පවසා සිටියේය.

ඔහු තම කාර්යාලයේ සිදුකළ සාකච්ඡාවකදී මේ බව පවසා සිටියේය. ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“ප්‍රදේශය පිළිබඳව කිසිදු දැනීමක් නැති වෙනත් දිස්ත්‍රික්කවල දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ සහ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව වැලි ඇති තැන් හඳුනාගෙන කොළඹ දේශපාලන බලධාරීන්ගෙන් අවසර අරගෙන ප්‍රදේශය පිළිබඳව කිසිදු දැනීමක් නැති අය සමග සාකච්ඡා කර වැලි කැණීම් කටයුතු සිදු කරනවා.

එහි වැඩ කරන රැකියා විරහිත තරුණ තරුණියන් ඔවුන්ගේ දරිද්‍රතාවය නිසා එයට සම්බන්ධ වෙලා තිබෙනවා. ගංවතුර කාලවලට පවා වැලි ගොඩ දැමීම සිදු කරන තරමට අධීක්ෂණයක් නැති තත්වයක් පැවතීම කණගාටුදායක තත්වයක්” බව පවසා සිටියේය.

-තමිළ්වින්

Exit mobile version