Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කතානායක ‘පක්ෂග්‍රාහීව’ කටයුතු, අනුර කුමාර කතානායකගේ මුහුණටම කියයි

කතානායක 'පක්ෂග්‍රාහීව' කටයුතු, අනුර කුමාර කතානායකගේ මුහුණටම කියයි

කතානායක 'පක්ෂග්‍රාහීව' කටයුතු, අනුර කුමාර කතානායකගේ මුහුණටම කියයි

පක්ෂ නායකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන්නැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කිරීමට පක්ෂ නායකයින්ට පවතින අයිතිය අහිමි කරන අනුර දිසානායක මහතා මෙහිදී කතානායකවරයාට චෝදනා කළේය.

පක්ෂ නායකයින් අතරේ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙවැනි තීරණ ගැනීම තුළින් කතානායකවරයා ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන බවක් දක්නට ලැබෙන බවත් එය සදාචාර සම්පන්න නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය දකුණු පසින් සහ විපක්ෂය වම් පසින් අසුන් ගෙන සිටින අතර කතානායකවරයා ආණ්ඩු පක්ෂයට බර වී කතනායක පුටුවේ හිඳගෙන සිටින බවට අනුර දිසානායක මහතා උපහාසාත්මකව පැවසීය.

ස්ථාවර නියෝග යටතේ පක්ෂ නායකයින්ට ප්‍රශ්න ඇසීමට සීමා පැනවීමට හැකියාවක් නොමැති බව මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතානායකවරයාට වැරදි උපදෙස් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කෙළසීම සිදු නොකරන්නැයි මෙහිදී විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

Exit mobile version