Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ප්‍රජාතන්ත්‍රවාදය: බහුතර කැමැත්ත නිසා සුළුතරයට අගතියක් නොවිය යුතුය – මැකෝ

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

බහුතර කැමැත්ත නිසා සුළුතරයට අගතියක් නොවිය යුතුය – මහින්ද දේශප්‍රිය අනතුරු අඟවයි

බහුතරයකගේ ස්ථාවරය සත්‍යයයි ලෙස පිළිගෙන ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. තුන්වන ලෝකයේ රටවල් විනාශ වීමට හේතු වූයේ බහුතරයේ ස්ථාවරය පමණක් නිවැරදි බවත් සුළුතරයේ ස්ථාවරය වැරදි බවත් සැලකීම බව, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ,

“අපේ රටේ බොහෝ අය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා නියෝජිතයන් යනාදිය නිෂ්ඵල ඒවා බවයි. පළාත් සභා මන්ත්‍රීවරුන් නැතිව පළාත්සභා ක්‍රියාත්මක වුනා, මාස 6ක් මන්ත්‍රීවරුන් නැතිව පාර්ලිමේන්තුවක් තිබුණා. එහෙනම් ප්‍රතිපාදන වෙන් කරන්නේ මොකටද?

මහජන නියෝජිතයින් නොමැතිව කිසියම් පාලන තන්ත්‍රයක් තිබේ නම් එය ඒකාධිපති පාලනයක් වනු ඇත. පරම්පරාගත පාලනය රජුගේ පාලන සමයේ සිදුවුනා. දැන් බොහෝ රටවල් එම ක්‍රමයෙන් ඉවත්වී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පවත්වාගෙන යනවා.
ප්‍රජාතන්ත්‍රවාදයට වෛර කරන්නන් සහ ව්‍යවස්ථාවට විරෝධීව ක්‍රියා කරන අය ද්‍රෝහීන්. ශ්‍රී ලංකා පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායවේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් ලෙසයි.”

රටක විධායකය, ව්‍යවස්ථාදායනය සහ අධිකරණය එකිනෙකට වෙන්ව ක්‍රියා නොකරයි නම් එම රටේ ප්‍රජාතන්ත්‍රවදයක් නොමැති බවත්, බහුතරයකගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත්, බහුතර කැමැත්ත නිසා සුළුතරයට අගතියක් නොවිය යුතු බවත්, ඔවුන්ගේ අයිතීන් ලබා දීමට ඉදිරිපත් වන පුද්ගලයන් අපේ රටට අවශ්‍යය බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

Exit mobile version