Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්තානය: නවාස් ෂරීෆ් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කෙරේ…

පාකිස්තානය - නවාස් ෂරීෆ්

පාකිස්තානය - නවාස් ෂරීෆ්

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ. මෙය ලන්ඩනයේ ඇති පාකිස්තාන තානාපති කාර්යාලය හරහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව පාකිස්තානය පවසා ඇත.

දූෂණ චෝදනා මත සිරගතව සිටින නවාස් ෂරීෆ් මහතා, පසුගිය 2019 වර්ෂයේ සිට ලන්ඩනයේ වාසය කරමින් සිටී.පිටරටවල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සති 08ක කාලයක් ඇප මත මුදා හැරීමෙන් පසු, ඔහු තවමත් ස්ව රටට පැමිණ නැත.

මෙය හේතු කොට ගෙන හිටපු අගමැතිට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඇති බව පාකිස්තාන රජය පවසා ඇත.

මෙම සන්දර්භය තුළ , ඔහුව හෙට(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු රාජ්‍ය ලේකම්වරයාට පාකිස්තාන මහාධිකරණය මේ මස 18 වන දින නියෝග කළේය.

Exit mobile version