අපේ නමට ගෑවුනු පැල්ලම නැති කිරීමේ කාර්යයෙහි අපට සාර්ථක වෙන්න නොදී, අපට සම්බන්ධ නොවන දේවල්වල පවා මෙම සමාජය අතරේ නැවත ත්‍රස්තවාදය හිස එසවීමට ඉඩ තියෙන බවට පහත් මට්ටමේ ප්‍රචාරයන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා, මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ එම්.එච්.එම්.අෂ්රෆ් මහතාගේ 20 වන අණුස්මරණ හමුවේදී අදහස් දැක්වීමේදී මේ බව ප්‍රකාශ කර සිටියේය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය පක්ෂය ඉහළින්ම දිනවීමේ දායකත්වය ලබා දීමට අප පක්ෂයට හැකි වීම ආඩම්බරයට කරුණක්. අපගේ නායකතුමා මතක් කරන මෙම අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීම උචිත දෙයක්.
2000 වර්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග රජයේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී නායකතුමා තම කථාව ආරම්භයේදී ප්‍රකාශ කල වදන් මා මෙම ස්ථානයේදී නැවතත් මතක් කරමි. “ප්‍රජාවක් තම ඉරණම වෙනස් කිරීමට උත්සුක නොවේ නම් දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඉරණම වෙනස් නොකරනු ඇත“. මෙම දේව වැකිය අදටත් උචිත වෙි.
එදා නායකතුමා සිදු කළ කථාවේදී විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථාදායකය බල රහිත කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බව අවධාරණය කර සිටියා. 17 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයන් ඇති කිරීමේ හවුල් කරුවන් ලෙස අපිත් සිටියෙමු. 18 සහ 20 වන සංශෝධනයන්ට අපි විරුද්ධයි. ඒවා තුනෙන් දෙකක බලයට ආසන්න බලයක් යුත් රජයන්ගෙන් බලහත්කාරයෙන් සම්මත කළ ඒවා බව මුළු රටම දන්නා කාරනයකි.
මෙම රටේ ජීවත් වන සුළු ජාතීන් මත අද විටින් විට බෙදුම්වාදය, අන්තවාදය සහ ත්‍රස්තවාදය යනාදී විවේචනයන් කිසිදු සෙවිල්ලකින් තොරව පටවනවා. කෙතරම් අවිහිංසාවාදය අනුගමනය කළද සමාජය වෙනුවෙන් බලය විමධ්‍යගත කිරීම පිළිබඳව කථා කරන විට ඔවුන්ව බෙදුම්වාදීන් ලෙස බලනවා පමණක් නොව අවස්ථාව බලා කෙසේ හෝ ත්රස්තවාදීන් ලෙස නම්කරන කාලයක තමයි අපි මේ සිටිනුයේ.
ගත් කටටම අප ජාතිවාදී දේශපාලනය කරන බව පවසති. නමුත් ඔවුන් බහුතර ජාතිය ලෙස සිදු කරන ජාතිවාදය ඉතා භයංකරයි. අද ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මෙය සිදු වෙනවා. හැම දෙයකටම සුළු ජාතීන්ගේ ජාතිවාදය, ත්‍රස්තවාදය යන ස්වරූපයෙන් පාලනය කරන්න පෙළඹෙති. අප්‍රේල් සිදුවීමෙන් පසු මුස්ලිම් සමාජයටත් නායකයන්ටත් ත්රස්තවාදීන් සමග සබඳකම් ඇති බව අසත්‍ය ලෙස වරද පටවා අහසත් පොළොවත් ගැට ගසා විමර්ශන කටයුතු සිදු කරති.