Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 30ක ණය පහසුකම් සහිත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය විසින්

නාගරික සංවර්ධන අධිකාරිය

නාගරික සංවර්ධන අධිකාරිය

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

තරුණ තරුණියන්ට ඔවුන්ගේ සිහින නිවාස මිලදී ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

මෙම රජයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පාන්තික පවුල් සඳහා නිවාස 5000 ක් පමණ ඉදිකරනු ඇත.

වසර 30ක කාලයක ණය පදනම මත 6.25% ක පොලී අනුපාතයක් යටතේ නිවාස මිලදී ගැනීමට මහජනයාට හැකි වේ. එමෙන්ම අපේක්ෂිත නිවස වෙන් කරවා ගැනීම සඳහා අවම ගෙවීමක් ද කළ යුතුය.

කොළඹ, මහනුවර, අනුරාධපුර, පෑලියගොඩ, කොට්ටාව, පන්නිපිටිය සහ මාලඹේ යන ප්‍රදේශවල නිවාස ඉදිකරනු ඇත.

UDA ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු 0112-875907, 0777-269740 සහ 0715-335357 යන දුරකථන අංක හරහා ලබා ගත හැකිය.

Exit mobile version